fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තමිම් ඉක්බාල්ට විවේකයක් ලබා දිය යුතුයි – ශකිබ් අල්හසන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 10:20

තමිම් ඉක්බාල්ට විවේකයක් ලබා දිය යුතුයි – ශකිබ් අල්හසන්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල්ට විවේකයක් ලබා දිය යුතු බව එරට තුන් ඉරියව් ක්‍රිඩක ශකිබ් අල්හසන් පවසනවා.

තමිම් ඉක්බාල් ශ්‍රී ලංකා තරග සංචාරයේදී සහ ලෝක කුසලානයේදී සැලකිය යුතු දක්ෂතා නොදැක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශකිබ් ඒ බව කියා සිටියා. ශකිබ් අල් හසන් නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරයට එක් නොවුයේ ඔහු විසින්ම විවේක ගත යුතු බවට ගත් තීරණයක් හේතුවෙන්.

ඔහු පෙන්වා දෙන්නේ ක්‍රිඩකයින්ට විවේක කාල සීමාවක් ලබා ගැනිම දක්ෂතා දැක්විම සදහා අත්‍යවශ්‍ය බවයි. තමිම් ඉක්බාල් නිමා වූ ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ ද ඉනිම් තුනේදී ලබා ගත්තේ ලකුණු 21ක් පමණයි. ලෝක කුසලාන තරගාවලියේදී ඔහු වාර්තා කළේ එක් අර්ධ ශතකයක් පමණයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 10:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්