fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර අවසානයට පෙර පිරිවෙන් 120 ක ඉදිකිරිම් නිම කිරිමට උපදෙස්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 09:46

වසර අවසානයට පෙර පිරිවෙන් 120 ක ඉදිකිරිම් නිම කිරිමට උපදෙස්

සෑම පළාතක් ම නියෝජනය වන පරිදි තෝරා ගෙන ඇති පිරිවෙන් 120 ක ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් මේ වසර අවසානයට පෙර නිම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

රජයේ පාසල් අධ්‍යාපනයට සමානව පිරිවෙන් අධ්‍යාපනය සඳහා පිරිවෙන්වලට අවශ්‍ය සියලු පහසුකම් හිමිකර දීම පිණිස අධ්‍යාපන අමාත්‍ය නීතිඳ අකිල විරාජ් කාරියවසම් මහතා ගනු ලැබූ තීරණය අනුව මෙම කටයුතු සිදු කෙරෙන්නේ පිරිවෙන් අධ්‍යාපන ඉතිහාසයේ ප්‍රථම වරට බව පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ විජිත වෙලගෙදර මහතා සඳහන් කරයි.

සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පළාත් අධ්‍යාපන ගොඩනැගිලි ඉංජිනේරු සහ ගොඩනැගිලි අධ්‍යක්ෂවරුන් ඇතුළු අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී (01)දින පැවැති සාකච්ඡාවේ දී මෙම උපදෙස් ලබා දී තිබේ.

මේ වැඩපිළිවෙළ යටතේ පිරිවෙන් 50 ක කාර්යාල ගොඩනැගිලි, නේවාසිකාගාර හා අත්‍යවශ්‍ය නඩත්තු සහ ප්‍රතිසංස්කරණ සිදු කෙරෙන බවත්, ඒ සඳහා එක් ආයතනයකට රුපියල් ලක්ෂ 60 ඉක්මවන මුදලක් වෙන් කර ඇති අතර තෝරාගත් තවත් පිරිවෙන් 70 ක අංගසම්පූර්ණ සනීපාරක්ෂක පද්ධති ඉදිකිරීමේ කටයුතු ලබන ඔක්තෝබර් මාසයට පෙර අවසන් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි. මේ සඳහා එක් පද්ධතියකට රුපියල් ලක්ෂ 12 ක මුදලක් වෙන් කර තිබේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්