fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර සියලු T20 තරඟ පල්ලෙකැලේදි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 09:22

ශ්‍රී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර සියලු T20 තරඟ පල්ලෙකැලේදි

ශ්‍රී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගණයේ පැවැත්විමට තීරණය කර තිබෙනවා.

මීට පෙර තරඟ තුනෙන් දෙකක් කොළඹ පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේ පැවැත්විමටයි සැලසුම් කර තිබුණේ. එහෙත් ආර් පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සියලු තරඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගණයේ පැවැත්වෙන බව ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කළා. තරඟ කාලසටහනේ සංශෝධන සිදුකර තිබෙනවා.

නවසිලන්තය සහ ශ්‍රී‍්‍ර ලංකාව අතර තරඟාවලියට ටෙස්ට් තරඟ දෙකක් සහ විස්සයි විස්ස තරඟ තුනක් ඇතුලත්. පළමු ටෙස්ට් තරඟය මේ මස 14 වැනිදා ගාල්ලේ දි ආරම්භ වනවා. දෙවන තරඟය විසි දෙවනදා ආරම්භ වන්නේ කොළඹ පී සරා ඕවල් කි‍්‍රඩාංගනයේදි. තරඟාවලියට සහභාගි විම සදහා නවසිලන්ත කි‍්‍රකට් කන්ඩායම ඊයේ (02) රාති‍්‍ර දිවයිනට පැමිණියා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 09:22

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්