නව න්‍යෂ්ඨික ගිවිසුමකට චීනය එක්විය යුතු බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා සිදුකළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
රුසියාව ද එම වැඩපිළිවෙලට ඇතුලත් කිරිම වැදගත්. ඇමරිකාව සමඟ ඇති ප්‍රධාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් විමට රුසියාව තීරණය කර ඇති පසුබිමක නැවත ගිවිසුමක් සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපතිවරයා අවධානය යොමු කිරිම විශේෂත්වයක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
එවැනි ගිවිසුමක් ලෝකයේ සියලු රටවලට ඉතා වැදගත් බවද ඇමරිකා ජනාධිපතිවරයා පවසනවා.