5 වසර ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වෙනවා. ඒ මධ්‍යස්ථාන 2995 කදි. අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස් නව දහස් තුන්සිය හැට නවයක් මෙවර විභාගයට පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ගණන 497 ක්. පළමු විභාග ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට 10.15 දක්වා පැවැත්වෙනවා. දෙවන ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 10.45 ට. එය මධ්‍යහ්න 12.00 දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පකාශ කළේ.
පෙරවරු 9.00 වන විට විභාග අපේක්ෂකයින් ශාලාවල අසුන් ගැනීම වැදගත්. තම විභාග අංකය ඇඳුමේ වම්පස පැළඳ සිටි යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නෙ.
පිළිතුරු සැපයිම සදහා පැන්සල , කලු හෝ නිල් පෑන් භාවිත කළ හැකියි. විභාග මධ්‍යස්ථාන භූමියට දෙමාපියන්ට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.
මේ අතර උසස් පෙළ විභාගය අනිද්දා (05) මධ්‍යස්ථාන 2678 කදී ආරම්භ වීමටයි නියමිත.