fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රත‍්‍රං තොගයක් සමඟ ඉන්දිය ජාතිකයින් හයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 08:55

රත‍්‍රං තොගයක් සමඟ ඉන්දිය ජාතිකයින් හයක් අත්අඩංගුවට

එක්කෝටි හැත්තැ ලක්ෂයකට ආසන්න රත‍්‍රං තොගයක් සමඟ ඉන්දිය ජාතිකයින් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දි.

ඉන් ඉන්දිය ජාතිකයන් හතර දෙනෙක් කටුනායක ගුවන් තොටුපලේ පිටවිමේ පර්යන්තයේදි අත්අඩංගුවට ගනු ලැබුවේ රත‍්‍රං කිලෝ ග‍්‍රැම් එකයි ග‍්‍රැම් හැටක් සමඟ. පසුව සිදුකරන ලද පරීක්ෂණයේදි තවත් ඉන්දිය ජාතිකයින් දෙදෙනෙක් රත‍්‍රං කිලෝ ග‍්‍රැම් එකයි ග‍්‍රැම් තුන්සිය හැත්තැවක් සමඟ ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණා.

සැකකරුවන් සංචාරක වීසා මත මෙරටට පැමිණ යළි පිටත්ව යාමට සූදානම් වු අවස්ථාවේ වැටලිම සිදුකර තිබෙනවා. ඔවුන් කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරින් වෙත භාරදුන් බවයි පොලිසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 08:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්