fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාලකයන් පිලිබදව නොව රටේ ජනතාව ගැන සිතා ජනවරම භාවිත කළ යුතුයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 18:00

පාලකයන් පිලිබදව නොව රටේ ජනතාව ගැන සිතා ජනවරම භාවිත කළ යුතුයි

පාලකයන් පිලිබදව නොව රටේ ජනතාව ගැන සිතා ජනවරම භාවිත කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සදාතිස ගම සහ සරුකෙත ගම උදාගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 230 සහ 231 වන ආදර්ශ ගම්මාන වන මෙම ගම්මාන සියලු යටිතල පහසුකම්වලින් සමන්විතයි. මේ සදහා වැය කෙරුණු  මුදල රුපියල් ලක්ෂ 334 ක්.

නිවාස ලාභීන්ට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය සහ රුපියල් ලක්ෂ 98 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 35 ක හිමිකම නොමිලේ ලබාදීම ද මෙහිදී සිදු කෙරුණා. ප්‍රදේශයේ අඩුආදායම් ලාභී පවුල් 60 කට රුපියල් ලක්ෂ 120 ක් වටිනා විසිරි නිවාස ණය,  පවුල් 50 කට රුපියල් ලක්ෂ සියයක් වටිනා  සොදුරු පියස නිවාස ණය,  ශිල්ප සවිය වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් හතලිස් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ  21 ක් වටිනා ප්‍රතිලාභ පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම පාසල් ළමුන් සදහා පොත් කට්ටිල, ස්වයං රැකියා ණය සහ නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමටද මෙහිදී කටයුතු කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 18:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්