බඹර ප්රහාරයකින් පුද්ගලයන් හත් දෙනෙක් රෝහල ගතකර තිබෙනවා.
බගවන්තලාව පෙට්රොසෙක් වතුයායේ පෞද්ගලික ගොවිපොලක වැඩකරමින් සිටි කම්කරුවන් පිරිසකට බඹර ප්රහාරය එල්ලවී ඇති බවයි පොලිසිය පවසන්නේ.
තුවාල ලැබූ පිරිස බගවන්තලාව රෝහලේ ප්රතිකාර ලබනවා. ඒ අතර කාන්තාවක්, පිරිමි පුද්ගලයන් හය දෙනෙක් සිටින බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.