fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයට ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 16:20

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයට ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙලක්

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කෙරෙනවා. ඒ පිළිබද විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදි පැවැත්වුණා.

ඒ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි , වැඩබලන පොලිස්පති , ගුවන් හමුදාපති ,නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන්. පෙරහැර පැවැත්වෙන කාලසිමාව තුළ ඩ්‍රෝන කැමරා මගින් ප‍්‍රදේශය නිරික්ෂණය කරන බවයි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සදහන් කළේ.

නුවර වැවේ විශේෂ බෝට්ටු සේවයක් ද කි‍්‍රයාත්මක කරන බව නාවික හමුදා මාන්ඩලික ප‍්‍රධානි රියර් අද්මිරාල් උලුගේතැන්න මහතා පැවසුවා. මහනුවර නගරයේ අනාරක්ෂිත ස්ථාන සම්බන්ධයෙන් විශේෂ කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවයි සාකච්ඡාවට එක්වූ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී ආර් එල් රණවීර මහතා පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 16:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo