fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර ආශි‍්‍රත ප‍්‍රදේශවල සුරාසැල් දින දහයක කාලයක් වසා දැමේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 16:07

මහනුවර ආශි‍්‍රත ප‍්‍රදේශවල සුරාසැල් දින දහයක කාලයක් වසා දැමේ

ඇසල පෙරහැර හේතුවෙන් මහනුවර ආශි‍්‍රත ප‍්‍රදේශවල සුරාසැල් දින දහයක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඒ ලබන සඳුදා සිට 15 වනදා දක්වා. දළදා මාළිගයේ සිට කිලෝ මීටර් අටක දුර සීමාවක් තුළ පවතින සිල්ලරට විකිණීමේ බලපත‍්‍ර සහ විශේෂ බලපත‍්‍ර ස්ථාන ද වසා තැබිය යුතු බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අදාල සිමාව තුළ නීතිවිරෝධීව කටයුතු කරන සුරාබදු බලපත‍්‍රලාභීන්ට සහ ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්