fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෙදර්ලන්තයේත් බුර්කාව තහනම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 16:03

නෙදර්ලන්තයේත් බුර්කාව තහනම්

බුර්කාව සහ මුහුණු ආවරණ පැළැද සිටීම තහනම් කිරීමේ නීතිය ඊයේ (01) සිට  නෙදර්ලන්තය ක්‍රියාත්මක කර තිබෙනවා.

පසුගිය ජූනි මාසයේ දීයි මෙම නීතිය හදුන්වා දී තිබුණේ. නව නීතියට අනුව පොදු ගොඩනැගිලි, අධ්‍යාපන ආයතන, රෝහල් ඇතුළු පොදු ස්ථානවලට මුහුණු ආවරණ පැළද ඇතුළුවීම තහනම් වනවා. එසේ පැමිණෙන අවස්ථාවලදී මුහුණු ආවරණ ඉවත් කිරීමට නියෝග කළවිට එය ප්‍රතික්ෂේප කළහොත් ඇමෙරිකා ඩොලර් 165ක දඩයක් ගෙවීමට ද නියමකර තිබෙනවා.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට එරට ආරක්ෂක අංශවලට පූර්ණ බලතල ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2019 16:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්