උතුරු කොරියාව තවත් මිසයිල දෙකක අත්හදාබැලීම් අද සිදුකළා.
උතුරු කොරියානු වේලාවෙන් අද (02) අලුයම දෙකයි පනස් නවයට සහ තුනයි විසිතුනටයි මෙම මිසයිල මුදා හැරුණේ. ඒ උතුරු කොරියාවේ යොන් හන් ප්‍රදේශයෙන්. දකුණු කොරියාව සහ ඇමෙරිකාව අතර මෙම මස ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට නියමිතයි.
ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.