ඓතිහාසික මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය සදහා කප් සිටුවීමේ චාරිත්‍රය සිව්මහා දේවාලයන්හිදී සිදුකෙරුණා. ඒ අද (02) අලුයම පහ පසුවී මිනිත්තු දහයට යෙදුනු සුබ මොහොතින්.
නාථ, විශ්ණු, පත්තිනි සහ කතරගම යන දේවාලයන්හි කප සිටුවීමයි මෙසේ සිදුකෙරුණේ. ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන්නේද මෙයයි. එය සිව්මහා දේවාලයන්හි සිදුකිරීමෙන් අපේක්ෂා කරනුයේ පෙරහැරේ නිරත වන්නන්ගේ ආරක්ෂාව හා සුබසෙත ප්‍රාර්ථනය කරමින් දේවාශිර්වාදය ලබාගැනීමයි.
කප් සිටුවීමෙන් නිසිකලට වර්ෂාව ලැබී සමෘද්ධිය සහ සෞභාග්‍යය ද අපේක්ෂා කරනවා. සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන් සහ ප්‍රධාන කපු මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.