ගණිකා නිවාසයක් වැටලීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. පෑලියගොඩ තොරණ හංදිය ප්‍රදේශයේ ගණිකා නිවාසය වටලා ඇත්තේ අලුත්කඩේ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුවයි.
එහිදී ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කාන්තාවක් සහ තවත් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් උස්වැටකෙයියාව සහ මාළිගාවත්ත ප්‍රදේශවල පදිංචිකාරිනියන්. සැකකාර කාන්තාවන් අධිකරණයට අද ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.