ඓතිහාසික මහනුවර දළදා පෙරහැර සදහා කප කැපීමේ චාරිත්‍රය අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ දී සිදුකෙරුණා.
වසර සිය ගණනක් ඈතට දිවයන මෙම චාරිත්‍රය අද ආරම්භ කෙරුණේ අළුයම 4.33 ට යෙදුන සුබ මොහොතිනුයි. අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ සිට මංගල හස්ථියා පිට මහනුවර මහා විශ්ණු දේවාලය කරා කප රැගෙන යාම සිදුකෙරුණා. ඒ, මහනුවර විශ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන්. දවුල් බෙර තම්මැට්ටම් වාදන සහ ධජ පතාක සහිත පෙරහැරකින් කප රැගෙන යාම සිදුකෙරුණා. අද පස්වරු හතරට යෙදුන සුබ මොහොතින් සිව් මහා දේවාල වෙත කප බෙදාදුන් බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. හෙට කප් සිටුවීමෙන් පෙරහැර ආරම්භ කෙරෙනවා. මේ සම්බන්ධයෙන් අයිටීඑන් වෙත අදහස් පළකළ ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/_6JGLbJcU5g”]
ඓතිහාසික මහනුවර ඇසළ උළෙලට සහභාගිවන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/YmIqxQ6RIUg”]
කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය ජනතාව වෙත සමීප කරමින් ශ්‍රී ලාංකීය ජන බලය හසුරුවන ටෙලිවිෂන් ආවර්ණාධිපති ලෙස පත්වූ අයිටිඑන් මාධ්‍යය ජාලය මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය ජනතාව වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.