ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට නවක ක්‍රීඩකයින් රැසක් හඳුනා ගැනිමට හැකි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. එක්දින ක්‍රිකට් තරගාවලිය තුනට බින්දුවක් ලෙස පූර්ණ තරගාවලිය ජයක් හිමි කර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ දෙරට අතර ඊයේ පැවති අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 122ක විශිෂ්ට ජයක් වාර්තා කිරිමත් සමගයි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 13ක්ව තිබියදී බිද වැටුණා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 46ක් ලබා ගත්තා. හතරවන කඩුල්ල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 101ක සාර්ථක සබදතාවක් ගොඩනැගුවා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87යි. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 294ක් රැස් කළා. පන්දු යැවිමේදී බංග්ලාදේශ කණ්ඩායමේ ශෆියුල් ඉස්ලාම් සහ සෞම්‍ය සර්කාර් කඩුලු 03 බැගින් බිද හෙලුවා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට ආරම්භයේ සිටම දැඩි පිඩනයක් එල්ල කිරිමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත් වුණා. බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු හතර ලකුණු 60ක් තුලදී බිද වැටුණා. සෞම්‍ය සර්කාර් ලකුණු 69ක් ලබා ගත්තා. බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 36ක් අවසානයේ සියලු දෙනා දැවි රැස් කර ගත හැකි වුයේ ලකුණු 172ක් පමණයි. පන්දු යැවිමේදී දසුන් ශානක කඩුලු 03ක් බිද හෙලුවා. තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා බවට පත් වුයේ ඇන්ජලෝ මැතිව්ස්ය. ක්‍රිකට් දිවියට සමුදුන් මෙරට විශිෂ්ඨ වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකරට උපහාර පිදීමේ උත්සවයක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහිදි සංවිධානය කර තිබුනා.
[ot-video type=”youtube” url=”https://youtu.be/25g4UvKNc1Y”]