fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිස්ත්‍රික් කිහිපයක රැකියා විරහිත උපාධිධාරීන් සඳහා පත්වීම් ලිපි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2019 17:30

දිස්ත්‍රික් කිහිපයක රැකියා විරහිත උපාධිධාරීන් සඳහා පත්වීම් ලිපි

දිස්ත්‍රික් කිහිපයක රැකියා විරහිත උපාධිධාරීන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය අද සිදු කෙරුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් තුන්සිය අනූ හත් දෙනෙකු සදහා සංවර්ධන නිලධාරී පත්වීම් ප්‍රදානය කිරීම අමාත්‍ය පී හැරිසන් මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. මෙම පිරිසට පුහුණුව ලබාදීමෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරප්පාඩු පවතින රජයේ ආයතනවලට අනුයුක්ත කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

රත්නපුර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 ම නියෝජනය වන පරිදි 1185 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. උපාධි ලබාගෙන වසර ගණනාවක් ගත වුවද තමන් කෙරෙහි මෙතෙක් කිසිවෙකුත් අවධානය යොමු කළේ නැති බවයි උපාධිධාරීන් ප්‍රකාශ කළේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උපාධිධාරි අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරීන් සදහා පත්වීම්  ලිපි ප්‍රදානය කිරීම පොළොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේදී සිදු කෙරු‍ණේ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. අභ්‍යාසලාභීන් 129 දෙනෙකු සදහා මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2019 17:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo