fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව සන්ධානයකට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල එකඟතාව

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2019 13:24

නව සන්ධානයකට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල එකඟතාව

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවීම සදහා වූ ව්‍යවස්ථා කෙටුම්පත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඒ අනුව නව පෙරමුණ මේ මස 5 වනදා ස්ථිර වශයෙන්ම පිහිටුවීමට පක්ෂයේ අනුමැතිය ලැබුණා.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අරලියගහ මන්දිරයේදී පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේදී පැවැත්වුණා. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සභාපති කබීර් හෂීම් අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල, රවී සමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා, ඉරාන් වික්‍රමරත්න, දිලිප් වෙදආරච්චි සහ නලීන් බණ්ඩාර යන අය පමණක් විරුද්ධව ඡන්දය ප්‍රකාශකළා. මේ අතර සුජීව සේනසිංහ සහ අජිත් පී පෙරේරා යන මහත්වරුන් සන්ධානයට එරෙහිව අනවශ්‍ය ලෙස කලබලකාරී ලෙස හැසිරී තිබෙනවා.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට දැඩිව අවවාද කර ඇති අතර සභාවක් තුළ හැසිරීමට ඉගෙන ගන්නා ලෙසට දැනුම් දී තිබේ. නවීන් දිසානායක, ජෝන් අමරතුංග ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් නව සන්ධානය පිහිටුවීමේ වැදගත්කම දිගින් දිගටම පෙන්වා දුන්නා. එක්සත් ජාතික පෙරමුණ සමග දැනට සම්බන්ධවී සිටින පක්ෂ නායකයින් හා නව පක්ෂ නායකයින් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසු මෙම ව්‍යවස්ථාව සකස් කිරීමට කටයුතු කළ බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ව්‍යවස්ථාව සම්මත වීමත් සමග නව සන්ධානය ඉක්මනින්ම පිහිටුවන බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියාසිටියා.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව නව සන්ධානය පිහිටුවීම ලබන පස්වනදා සිදුකිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍ය නවීන් දිසානායක මහතා අයිටීඑන් සංවාදය වැඩසටහන සමග අද රාත්‍රියේ එක්වීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2019 13:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්