සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ දෙරට අතර පැවති අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 122ක විශිෂ්ට ජයක් වාර්තා කිරිමත් සමඟයි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 13ක්ව තිබියදී බිද වැටුණා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 46ක් ලබා ගත්තා. හතරවන කඩුල්ල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 101ක සාර්ථක සබඳතාවක් ගොඩනැගුවා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87යි. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 294ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 36ක් අවසානයේ සියලු දෙනා දැවි රැස් කර ගත හැකි වුයේ ලකුණු 172ක් පමණයි. පන්දු යැවිමේදී දසුන් ශානක කඩුලු 03ක් බිඳ හෙලුවා.