fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආනයනික කිරිපිටිවල උපරිම සිල්ලර මිල නියම කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2019 19:01

ආනයනික කිරිපිටිවල උපරිම සිල්ලර මිල නියම කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

කිරිපිටි ආනයනකරුවන් සමග පැවති සාකච්ඡාවේදී පාරිභෝගික කටයුතු අධිකාරිය ඉදරිපත් කළ ක්‍රමවේදයට අනුව ආනයනික කිරිපිටිවල උපරිම සිල්ලර මිල නියම කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. තවත් යෝජනා කිහිපයක් කැබිනට් මණ්ඩලය අනුමත කළා.

————————————————————————————————————————————————————————————————————————————-

උක් බෝගය ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමට රජය තීරණය කළා. සීනි නිෂ්පාදනය ඉහල නැංවීම එහි අරමුණයි. මෙරට වාර්ෂික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් හයලක්ෂ හැත්තෑ දහසක්. ඉන් සියයට අනූ එකක්ම සපුරා ගන්නේ ආනයනය තුළින්. ඒ සදහා වාර්ෂිකව වැය වන ඇමෙරිකා ඩොලර් මිලියන 350 ක මුදලම ඉතිරි කර ගැනීම රජයේ අපේක්ෂාවයි

————————————————————————————————————————————————————————————————————————————-

දණ්ඩ නීති සංග්‍රහයේ යල්පැන ගිය ඇතැම් වචන හා යෙදුම් වෙනුවට වර්ථමානයට උචිත වචන හා යෙදුම් ආදේශ කිරීම සදහා සංශෝධිත පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පල කිරීමටත් අනතුරුව එය පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළා.

————————————————————————————————————————————————————————————————————————————-

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ස්ථාන තුනක් හා සම්බන්ධවන ජාතික මහාමාර්ග 05 ක් වැඩි දියුණු කිරීම සදහා ආසියා සංවර්ධන බැංකුව ඇමෙරිකා ඩොලර් මිලියන 75 ක ණය මුදලක් ලබාදී තිබෙනවා. එම වැඩ නිම කළ පසු ඉතිවන රුපියල් මිලියන 4300 ක මුදලෙන් අතිරේක මාර්ග  කොටස් වැඩිදියුණු කිරීම රජයේ අරමුණයි.

————————————————————————————————————————————————————————————————————————————-

ශ්‍රී ලංකා  සංචාරක ව්‍යාපාරයේ සන්නාම නාමය යලි ගොඩනැංවීම සදහා කෙටි  කාලීන මහජන සම්බන්ධතා වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනාවටද  කැබිනට් අනුමැතිය හිමිවුණා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2019 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්