දහම් අධ්‍යාපනයට ඉහළ සැළකිල්ලක් ලබා දී දැහැමි පරපුරක් බිහි කිරීම සිසු දහම් සෙවණ වැඩසටහනේ මූලික අරමුණ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පන්නිපිටිය සිරි ධම්මකිත්තිකාරාම පුරාණ විහාරස්ථ සිරි ධම්ම සිරි දහම් පාසලේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා. සිසු දහම් සෙවණ වැඩසටහන යටතේයි එය ඉදිකෙරෙන්නේ. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 40 ක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/EZMkHkh3QZo”]
විහාරාධිපති පූජ්‍ය ලේල්වල ධම්මකුසල ස්වාමීන්වහන්සේ ඇතුලු මහා සංඝරත්නය ද ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් ද උත්සවයට එක්ව සිටියා.