අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම්, ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා අතර හමුවක් අද පැවැත්වුණා.
ඒ අරලියගහ මන්දිරයේදීයි. ශ්‍රී ලංකාව තුළ ආගමික සහජීවනය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු වුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්වරයා දැනුවත් කළා. මෙහිදී අදහස් පළ කළ මහලේකම්වරයා කියාසිටියේ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිය කණගාටුව පළ කරන බවයි. කෙටි කලක් තුළ රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ද ඒ මහතා සිය ප්‍රසාදය පළ කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් මහලේකම්වරයා සඳහන් කළේ මෙම සංචාරයේදී මහා සංඝරත්නය සමග සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට අවස්ථාව ලැබුණු බවයි. ලොවටම මෛත්‍රිය පතුරුවන ධර්මයක් ලෙස බුදු දහමේ හරයාත්මක වටිනාකම් එම සාකච්ඡාවන් හිදී යළි යළිත් තහවුරු වූ බව ද ඒ මහතා ප්‍රකාශ කළා. ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ ජනතාව පිළිබඳ සොයා බලා ඔවුන්ට උපකාර කිරිමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්වරයා වෙත අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළා. මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.