fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුතින් බඳවා ගත් උපාධිධාරීන් අතුරින් පන්දහසක් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2019 18:36

අලුතින් බඳවා ගත් උපාධිධාරීන් අතුරින් පන්දහසක් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමට පියවර

අලුතින් බඳවා ගත් උපාධිධාරීන් අතුරින් පන්දහසක් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඔවුන් ගුරු සේවයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

උපාධිධාරී අභ්‍යාසලාභීන් රැකියාගත කිරීමේ ජාතික වැඩසටහන යටතේ සංවර්ධන නිලධාරීන් දහසය දහස් අටසියයක් රජයේ සේවයට බඳවා ගැනීම සිදුකෙරෙනවා. මීට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් එක්දහස් තුන්සිය අනූඑක් දෙනෙකුට රාජ්‍ය සේවයේ පත්වීම් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජේ සී අලවතුවල, අශෝක් අබේසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2019 18:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්