ශ්රී ලංකාවේ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති නිල නිවසේ ආරක්ෂාවට යොදවා සිටි සෙබලෙකු සිය දිවි හානි කර ගෙන තිබෙනවා.
තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගනිමිනුයි මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. ගම්පොල හොරගොල්ල ප්රදේශයේ පදිංචි මෙම පුද්ගලයා කොළඹ ගුවන් හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කර තිබෙනවා.
21ක් වන වියෙහි පසු වූ මෙම සෙබලා රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන ඇති අතර ජාතික රෝහලට ඇතුළත් කීරීමෙන් පසු ඔහු මිය ගියා.