සංචාරක ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිසි ලෙස ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සංචාරක ක්ෂේත්රය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සංචාරක ක්ෂේත්රයේ ප්‍රවර්ධනය සදහා ගන්නා තීරණ පිලිබද දැනුවත් කිරීම සදහා අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
සංචාරක ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් වීසා ගාස්තු නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එය නිල වශයෙන් ආරම්භ කිරීම නිවේදනය කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රටවල් 48 ක් සදහා වීසා ගාස්තු නිදහස් කිරීමේ සහනය හිමිවනවා. එම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. දළදා පෙරහර ඇතුළු සියලු ආගමික උත්සව සදහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සලසා ඇති බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/LFlkbtajf98″]
අමාත්‍ය ජෝන් අමරතුංග රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ යන මහත්වරුන් සහ සංචාරක ක්ෂේත්රයට අදාළ ආයතනවල නියෝජිතයන් මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියා. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතාද මෙහිදී අදහස් පල කළා.