විදේශ මුදල් සමඟ පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට
Related Articles
විදේශ මුදල් නීතිවිරෝධි ලෙස රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ළඟ තිබී ඇමරිකා සහ සිංගප්පුරු ඩොලර් තොගයක් හමුවුණා.
ඒවායේ වටිනාකම ශ්රී ලංකා රුපියල් තිස් නව ලක්ෂ හැට පන්දහස් පන්සිය තිහක්. සැකකරු එම මුදල් ගමන් මල්ලේ සඟවා සිංගප්පූරුව බලා යාමටයි පැමිණ තිබෙන්නේ.
මුදල් රාජසන්තක කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.