fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිසිදු වැටුපක් නොලබා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරිමට සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රිඩකයින් තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2019 11:06

කිසිදු වැටුපක් නොලබා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරිමට සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රිඩකයින් තීරණය කරයි

ඉදිරියේදී කිසිදු වැටුපක් නොලබා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරිමට සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රිඩකයින් තීරණය කර තිබෙනවා.

සිම්බාබ්වේහි ක්‍රිකට් ක්‍රිඩාව රැක ගැනිමේ අරමුණින් ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි සදහන් කරන්නේ. මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිම්බාබ්වේ සමාජිකත්වය අහෝසි කර ඇති නමුත් එරට ක්‍රිඩකයින් ප්‍රධාන අරමුණ වී ඇත්තේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම්  ලබා ගැනිමේ තරග වටයට කෙසේ හෝ ක්‍රිඩා කිරිමයි.

සිම්බාබ්වේ ක්‍රිඩකයින් වැටුපක් නොලබා ක්‍රිඩා කිරිමට කැමති වුවද ක්‍රිකට් තහනම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබෙන මුල්‍ය ප්‍රතිපාදන නොමැතිව තරගාවලි සංවිධාන කිරිමට සිම්බාබ්වේ දේශයට ආර්ථික ශක්තියක් නොමැතිවීම බරපතල ගැටලුවක්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2019 11:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්