පාස්කු ප්රහාරයෙන් පසුව ශ්රි ලංකාව කෙටි කාලයක් තුළදී සංචාරකයන්ට වඩාත් සුදුසු රටක් බවට යළි පත්ව ඇති බව පිිලිපීනයේ රෝමානු කතෝලික රදගුරු පදවියේ බිෂොප් මයිලෝ වෙගාරා පියතුමා ප්රකාශ කළා.
ඒ ශ්රි දළදා මාළිගාවේ දී සංචාරයක නිරත වෙමින්. මෙරට පැවති කලා සම්මාන උළෙලක් සඳහා ද සහභාගී වීමට හැකිව තිබෙනවා. සිද්ධස්ථාන රැසක් නිරික්ෂණය කිරිමට ද පියතුමා එක්වුණා. එහිදී රට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති ආකාරය දක්නට ලැබුණු බවත් මයිලෝ වෙගාරා පියතුමා සඳහන් කළා.