නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් ව්‍යාපාරිකයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිද්ධියට අධාර අනුබල දුන් බව කියන පුද්ගලයෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් පැළඳ සිටි හිස්වැසුම් දෙකක් ද සොයා ගැණුනා. සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.