පේරු රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් දහනව දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
පේරු රාජ්‍යයේ ලිමා ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථයකුයි මෙසේ අනතුරට පත්ව ඇත්තේ. ජීවිතක්ෂයට පත් වූවන් අතර කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු සිටින බව වාර්තා වනවා. එරට පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.