සංවර්ධනය කෙරෙන පලාලි ගුවන් තොටුපොළ ලබන සැප්තැම්බර් මාසයේ විවෘත කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
කලාපීය ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස පලාලි හි සංවර්ධන කටයුතු කඩිනම් කර තිබෙනවා. ඉදිකෙරෙන නව ගුවන් පථයත් සමඟ ගුවන් මෙහෙයුම් වැඩිකළ හැකි බවයි අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.
ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයෙන් පසු ඉන්දියාව ඇතුලු කලාපීය ගමනාන්ත වෙත පලාලි හරහා ගුවන් ගමන් කි‍්‍රයාත්මක කළහැකි බවත් අමාත්‍යාංශය පෙන්වාදුන්නා.