පැවති රජය අධ්‍යාපනයට වෙන්කළ මුදලට වඩා වැඩි මුදලක් වත්මන් රජය වෙන්කර ඇත්තේ අධ්‍යාපනයේ වටිනාකම දන්නා නිසා බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
කොළඹ කොටහේන කැතිඩ්‍රල් විදුහලේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. විදුහලේ විවිධ දක්ෂතා දැක්වු දරුවන්ට සහතිකපත් ප්රදානය ද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණා. විදුහල්පති ජී ඩී සී රූපනාත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/EjfyIeClSsI”]