2001 වසරේ සැප්තැම්බර් 11 වනදා ඇමෙරිකාවට එල්ල වූ ත්රස්ත ප්රහාරයේ මහ මොළකරු වන තමන් සෞදි අරාබියට එරෙහිව සාක්ෂි ලබාදීමට සූදානම් බව කලිද් ෂේක් මොහොමඩ් කියා සිටිනවා.
සැප්තැම්බර් 11 ප්රහාරයේ මහ මොළකරු වන කලිද් ෂේක් මොහොමඩ් පාකිස්තාන ජාතිකයෙක්. ඔහු මේ වන විට කියුබාවේ පිහිටි ගුවන්ටනමොබේ හි ඇමෙරිකා සිර කදවුරේ සිටිනවා. ලිපියක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ ඇමෙරිකාව තමන්ට ලබාදීමට නියමිත මරණ දඩුවම අහෝසි කරන්නේ නම් තමන් මෙසේ සාක්ෂි ලබාදීමට සූදානම් බවයි. සැප්තැම්බර් 11 ප්රහාරයෙන් තුන්දහසක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනතාව සෞදි අරාබියට එරෙහිව සිවිල් නඩුවක් පවරා තිබෙනවා. ඊට පක්ෂවයි කලිද් සාක්ෂි ලබාදීමට කැමැත්ත දක්වා ඇත්තේ. එහෙත් ඇමෙරිකාව ඊට ප්රතිචාර දක්වා නැහැ.