සිරියාවේ ඉඩ්ලිබ් අගනුවර රෝහලකට එල්ලවූ ප්‍රහාරයකින් 14 දෙනෙකු මියගියා. සිරියා රජයේ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔවුන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට වාර්තා ප්‍රකාශ කරන්නේ.
වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් ඉන් තුවාල ලැබුවා. ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ප්‍රබල අවධානයක් යොමුව ඇති බව අල්ජසීරා ප්රවෘත්ති සේවය වාර්තා කරනවා.