1992 වසරෙන් පසු ඇමෙරිකාවේ වාර්තාගත ලෙස සරම්ප රෝගය මේ වන විට උත්සන්න වී තිබෙනවා.
සතියක කාලයක් තුළ අලුතින් සරම්ප රෝගීන් දහසය දෙනෙකු සොයාගත් බවයි ඇමෙරිකා වාර්තා සඳහන් කරන්නේ. එමෙන්ම මෙම වසර තුළ ඇමෙරිකාවේ සරම්ප රෝගීන් 1164 දෙනෙකු සොයාගෙන තිබෙනවා. මේ වන විට ප්‍රාන්ත 30 ක රෝගය පැතිර ගොස් අවසන්. පාසල් යන වයසේ දරුවන් අතර වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ. 2000 වසරේදී සරම්ප රෝගය ඇමෙරිකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කළ බව ප්‍රකාශ කළද එය සත්‍යයක් නොවන බව මේ වන විට තහවුරු වී තිබෙනවා.