මුහුද ආශ්රිත ඇතැම් ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 50 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශ ද ඒ අතර වන බවයි කාර්යයේ නිරත කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා පවසන්නේ.
සබරගමුව පළාත සහ කළුතර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක සවස දෙකෙන් පසුව වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා. නිරිත දිග මෝසම හේතුවෙන් ඉදිරි කාලයේ දී කඩින් කඩ වැසි හටගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.