ධුරවලින් ඉල්ලා අස්වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය මුස්ලිම් ඇමතිවරුන් යළි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.
රවුෆ් හකීම් මහතා දිවුරුම් දුන්නේ නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසයි. රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලින අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචිකිරිම, සමුපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමා්යවරයා ලෙස දිවුරුම් දුන්නා. කෘෂිකර්ම වාරි මාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ අමීර් අලි මහතා. අබ්දුල්ලා මහරුෆ් මහතා වරාය කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයායි.
මේ අතර අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පෙරවරු 7.30ට ආරම්භ වනවා. මීට පෙර සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 9.30ටයි අමාත්‍ය මණ්ඩලය රැස්වුණේ.