fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උපාධිධාරීන් 16,800කට පත්වීම්

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2019 09:34

උපාධිධාරීන් 16,800කට පත්වීම්

උපාධිධාරීන් 16, 800 කට  රජයේ පත්වීම් ලබාදීමේ පළමු අදියර අද ආරම්භ වනවා. පළමු අදියර යටතේ 3,800කට පත්වීම් ලබාදී සෙසු පත්වීම් සියල්ල ලබන දෙවනදා වන විට ලබාදී  අවසන් කරන බවයි රජය පවසන්නේ.

උපාධිධාරීන් 16,800කට පත්වීම් ලබාදීම මේ අනුව සිදු කෙරෙනවා. උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල තෝරා ගත් සියලු උපාධිධාරීන්ට සහ කළුතර දිස්ත්‍රික්කයෙන් තෝරා ගත් දෙසිය දෙනෙකුට පත්වීම් ලබාදීම එහිදී සිදු කෙරෙනවා.  ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1,840 දෙනෙකුට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ 1,760 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කෙරෙනු ඇති. දිවයිනේ සෙසු ප්‍රදේශවලින් දිස්ත්‍රික්කයකින් හතළිස් දෙනෙකු බැගින් උපාධිධාරීන් 880දෙනෙකුටත්, බාහිර උපාධිධාරීන් 880 දෙනෙකුටත් මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය සඳහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2019 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්