වැඩ ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මානය කිරීමට හැකි වී ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ තුළින් රැකියා විරහිත ප්‍රතිශතයද අඩුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
පාසල් සදහා රොබෝ තාක්ෂණ උපකරණ කට්ටල බෙදා දීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නිපුනතාවයෙන් යුතු සිසු පරපුරක් නිර්මානය කිරීමේ රජයේ වැඩපිලිවෙලට අනුවයි මෙම උපකරණ පාසල් වෙත ලබා දුන්නේ. රොබෝ තාක්ෂණය පිලිබද දැනුම ලබාදීමේ වැඩසටහන 2018 වර්ෂයේ සිට සියලුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මකයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/ljrTOtyYszw”]