fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සරසවි ප්‍රමිතීන් ඉහළ නැංවීමට අගමැති මූලිකත්වයෙන් සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2019 18:39

සරසවි ප්‍රමිතීන් ඉහළ නැංවීමට අගමැති මූලිකත්වයෙන් සාකච්ඡාවක්

විශ්වවිද්‍යාලවල ප්‍රමිතීන් ඉහළ නැංවීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වුණා. අග්‍රාමාත්‍යවරයා, උපකුලපතිවරුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් අතර මෙම  සාකච්ඡාව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය තහවුරු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා. පශ්චාත් උපාධි පාඨමාලා, ඉංග්‍රීසි අධ්‍යාපනය සහ උපකුලපතිවරුන්ගේ කාර්යභාරය ආදී කරුණු පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. විශ්වවිද්‍යාලවල සිදුවන ශාරීරික මානසික මෙන්ම සයිබර් වදහිංසා සම්බන්ධයෙන්ද අවධානය යොමු වුණා. විශ්වවිද්‍යාල ප්‍රජාවට සිය අධ්‍යයන කටයුතු යහපත් පරිසරයක සිදුකිරීමට අවස්ථාව උදා කරදීමේ සහ නවීන ලෝකයට සරිලන පරිදි අදාළ වෙනස්කිරීම් සිදු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2019 18:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්