ජාතික පාසලක වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට සිය දරුවන් තමන් සේවය කරන පාසලටම ඇතුළත් කිරීමේ අවස්ථාව සැලසෙනවා.
දරුවන් ඇතුළත් කිරීමට අදාළ ලිපි ජාතික පාසල් ගුරුවරුන් වෙත ලබාදීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ගුරුවරුන්ගේ යහපත් මානසිකත්වය තහවුරු කිරීමේ වැඩපිළිවෙළක් ලෙසයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. දිවයිනේ ජාතික පාසල් 360 ක ගුරුවරුන් 153 දෙනෙකු මේ සඳහා සුදුසුකම් ලබා තිබුණා. ඔවුන්ගේ දරුවන් 162 දෙදෙනෙකුට පාසල් සඳහා ඇතුළත්වීමට අනුමත ලිපි ලබාදීමයි අද සිදු කෙරුණේ. උතුරු පළාතේ ජාතික පාසල් ගුරුවරුන් මේ සඳහා අයදුම් කර නොතිබූ අතර සෙසු පළාත්වල සුදුසුකම් ලත් ගුරුවරුන් අතුරින් මෙම පිරිස තෝරා ගැනුණා.