විලියම් ගොපල්ලව අභියෝගතා කුසලාන රග්බි තරගයෙන් කොළඹ ආනන්ද විද්‍යාලය පරදවා ලකුනු 38ට 24ක් ලෙස ජය හිමි කර ගැනිමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් වුණා.
මහනුවර බෝගම්බර ක්‍රිඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය ලකුනු 19ක් ලබා සිටියා. එම අර්ධයේදී කොළඹ ආනන්ද විද්‍යාලයට ලබා ගත හැකි වුයේ ලකුණු 05 ක් පමණයි. තරගයේ දෙවන අර්ධයේදී ආක්රමණශිලි තරග රටාවක නිරත වූ මහනුවර විද්‍යාර්ථ ක්‍රිඩකයින් පෙරමුණේ පසුවුනා. ඔවුන් ලකුණු 38ක් රැස් කරමින් ජය හිමි කර ගත්තා. ඒ වන විට කොළඹ ආනන්ද විද්‍යාලය ලබා සිටියේ ලකුණු 24 ක් පමණයි.