කඩුවෙල බෝමිරිය ජාතික පාසලට වසර සියයක් සම්පූර්ණ වනවා. විශිෂ්ටයින් රැසක් රටට දයාද කර ඇති බෝමිරිය ජාතික පාසල ප්‍රදේශයේ ජනපි‍්‍රය පාසලක් ලෙසයි සැලකෙන්නේ.
සියවස් පූර්ණය සමරමින් විශේෂ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. ලබන සිකුරාදා (02) රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වෙන බවයි විද්‍යාලයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ. පසුදින සියක් නමක් විෂයෙහි හීල් දානමය පිංකමක් ද පැවැත්වෙනවා.
ඒ විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ ආදී සිසුන් සිහිපත් කිරිම මෙන්ම විද්‍යාලයට ආශීර්වාද කිරිම අරමුණ කරගනිමින්. විදුහල්පතිවරයා ප්රමුඛ ආචාර්ය මණ්ඩලය, අදි සිසුන්, දෙමව්පියන් සහ සුබපතන්නන්ගේ සංගමය එක්ව පිංකම සංවිධාන කර තිබෙනවා.
සිය වන සංවත්සරයට සමගාමීව බෝමිරිය ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධාන කළ තවත් වැඩසටහනක් ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමටයි නියමිත.