සමන්තුරේ නින්දවූර් ප්‍රදේශයේ නිවසක තිබී මාස දහයක් වයසැති නිවුන් බිළිඳියන් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා.
අද(29) අලුයම තියුණු ආයුධයකින් පහරදී නාන කාමරය තුළ බිළිඳියන් දෙදෙනා ඝාතනය කර ඇති බවයි පොලීසිය සදහන් කළේ. සැකකාර මව කලක් මානසික ආබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ඇති බව පොලිස් පරීක්ෂණ වලදි හෙලිවුණා.
26 හැවිරිදි එම කාන්තාව මේ වන විට කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.