ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙතෙක් නොදුටු පැතිකඩක් ඉදිරියේදී දැක ගැනීමේ අවස්ථාව ලෝකවාසීන්ට උදාවනවා. ඒ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන man vs wild රූපවාහිනී වැඩසටහන ඔස්සේයි.
ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ පිහිටා තිබෙන ජිම් කෝබට් ජාතික උද්‍යානයේ පටිගත කර ඇති වැඩසටහන විකාශය වීමට නියමිතව ඇත්තේ ලබන 12 වනදා රාත්‍රී 9ටයි. වනාන්තරයේ ඇති බාධක මධ්‍යයේ විවිධ ක්‍රියාකාරකම් සිදු කරමින් මෙම වැඩසටහන ලොව පුරා රටවල් 180 ක විකාශය වනවා. Bear Grylls මෙහෙයවන වැඩසටහන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගි වන විශේෂ වැඩසටහනක් ලෙසයි විකාශය වන්නේ.