මහනුවර ඇසල පෙරහැර මංගල්‍ය සදහා කොප්පරා ටොන් හයක ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා යුද හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව කටයුතු කළා. මෙම කොප්පරා තොගය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දළදා මාළිගාව වෙත පරිත්‍යාග කිරීමටයි කටයුතු කෙරුණේ.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය එළඹෙන අගෝස්තු 5 වනදා ආරම්භ වනවා. යුද හමුදාව මෙම පුණ්‍ය කර්මය සිදුකළේ හය වන වරටයි. මීට අමතරව සතර මහා දේවාලයන් වෙතද කොප්පරා පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. මෙහිදී අදහස් පළකළ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/lKy6R_Pb55Q”]
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මධ්‍යම පළාත් ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.