ආදරකන්ද රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 300ක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.
ඊයේ (28) පස්වරුවේ හටගත් ගින්න අද (29) පෙරවරුව දක්වාම පැතිර ගිය බවයි සමනළවැව පොලිසිය සඳහන් කළේ. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙවනවා.
ආදරකන්ද රක්ෂිතය පිහිටා තිබෙන්නේ ලෝකාන්තය පහළ කොටසේ බළංගොඩ නන්පේරියල් ප්‍රදේශයේ.