fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිතර වූ 14 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2019 12:53

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිතර වූ 14 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිතර වූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනුණා.

ත්‍රිකුණාමලය නෝර්වේ දූපත ආසන්න මුහුදු තීරයෙදී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් දැලක්ද නාවික හමුදාව සොයා ගත්තා. සැකකරුවන් කින්නියා සහ චීන වරාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි නාවික හමුදාව පවසන්නේ.

මේ අතර හම්බන්තොට වරාය පරාශ්‍රයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිතර වූ පුද්ගලයන් 05 දෙනෙකුද නාවික  හමුදා භාරයට ගෙන තිබෙනවා. හම්බන්තොට ප්‍ර දේශයේ පදිංචි මෙම සැකකරුවන් ලඟ තිබී ධීවර කටයුතු සදහා යොදා ගන්නා තංගුස් දැලක් ඇතුළු උපකරණය සොයා ගැනුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2019 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්