හොංකොං හි පිහිටි චීනයට අයත් රාජ්ය ආයතනයකට විරෝධතාකරුවන් පිරිසක් ඇතුළු වීමට යාමේදී ගැටුම්කාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
එම ආයතනයට උද්ඝෝෂකයින් ඇතුළුවීමට උත්සාහ කිරීමේදී ඔවුන් වැළැක්වීමට පොලීසිය උත්සාහ දැරුවා. ඒ සමඟ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් මතු වුණා. විරෝධතාකරුවන් දහස් ගණනක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියා. රැස්ව සිටි පිරිස පාලනය කිරීමට පොලීසිය කදුලු ගෑස් ප්රහාර ද එල්ල කළා. විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් වාහනවලටද දැඩි හානි සිදුව තිබෙනවා. මෙම විරෝධතා සති 08 ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන බවයි විදෙස් වාර්ථා සඳහන් කරන්නේ.