බහුතරයකින් යුත් දැවැන්ත පෙරමුණකින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පවසනවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය සඳහා ජල ටැංකි 2 ක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.
ලීටර දස දහස බැගින් වූ පානීය ජල ටැංකි 2 කුයි මෙලෙස පරිත්‍යාග කෙරුණේ. ඒවායේ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස්දහසක් පමණ වනවා. නගර සැලසුම් , ජල සම්පාදන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා එම පරිත්‍යාගය සිදුකළා. මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගයේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල , දළදා මාලිගයේ මහ ලේකම් සී ඩබ්ලිව් කරුණාරත්න යන මහත්වරුන් ද එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=8V6p21I8uD4&feature=youtu.be&fbclid=IwAR0ijgmE_REy1kWbeJ-EBOgSQw4dsXw2TGzrUfn7BcYyLTjcarNhh1wpWD0″]